මදසරුභාවය යනු කුමක්ද?

වයස අවුරුදු 35 ට අඩු කාන්තාවක් මාස 12 ක කාලයක් තුළ, උපත්පාලන ක්‍රම භාවිතයෙන් තොරව ලිංගික එක්වීමකින් අනතුරුව හෝ වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවක් මාස 06 ක කාලයක් තුළ පාලනය නොකල ලිංගික එක්වීමකින් අනතුරුව දරුවෙකු පිළිසිඳ ගැනීමට අපෝසත්වීම හෝ දරු ගැබක් දරාසිටීමේ නොහැකියාව මදසරුබව ලෙස හැඳින්වේ.

මදසරුබව රෝගී තත්වයක් නොවන අතර කල්තබා හඳුනාගැනීමෙන් හා ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් සාර්ථකව ගැබ්ගැනීමේ හැකියාව ඇත.

මදසරුභාවය සඳහා හේතු
පුරුෂ මදසරුභාවය
  • ශුක්‍ර තරලයේ ශුක්‍රාණු සාන්ද්‍රණය අවම වීම.
  • ශුක්‍ර තරලයේ සචල සහ සඵල ශුක්‍රාණු ප්‍රමාණය අවම වීම.
  • රූපාකාරයෙන් විකෘති වූ ශුක්‍රාණු ප්‍රමාණය බහුල වීම.
  • ශුක්‍ර තරලයේ ශුක්‍රාණු සාන්ද්‍රණය ශුන්‍ය වීම.
  • පුරුෂ බෙලහීනතාවය

 

ස්ත්‍රී මදසරුභාවය
  • පැලෝපීය නාල අවහිර වීම.
  • එන්ඩොමෙට්‍රියෝසිස්ට් තත්වය.
  • නිසිකලට ඩිම්භ පරිණත නොවීම හා ඩිම්භ මෝචනය සිදු නොවීම.
  • බහුකෝෂය ඩිම්භකෝෂ (PCOS).
  • අඩු වයසින් ඩිම්භකෝෂ වල ක්‍රියාකාරිත්වය නතරවීම.
  • ඔසප් චක්‍රයේ අක්‍රමිකතා.
  • ගර්භාෂය ආශ්‍රිත ගැටළු.
පුරුෂ මදසරුභාවය හඳුනා ගැනීම.
  • මූලිකවම, ශුක්‍රාණු තරල පරික්ෂාවක් (SFA) මගින් පුරුෂ මදසරුභාව හඳුනාගැනේ.
  • මෙහිදී ශුක්‍ර තරලයේ ශුක්‍රාණු සාන්ද්‍රණය (මුළු ප්‍රමාණය), සචලතාවය, සඵලතාවය හා රූපාකාරය විශ්ලේෂණය කරනු ලැබේ.
ස්ත්‍රී මදසරුභාවය හඳුනා ගැනීම
  • ඔසප් වී දොළොස්වැනි දින සිදුකරන ස්කෑන් පරීක්ෂණයක් මගින් ඩිම්භකෝෂ හෝ ගර්භාෂය ආශ්‍රිත ගැටළු හඳුනාගැනේ.
  • එක්ස්රේ පරීක්ෂණයක් මගින් (HSG – Hydrosalpingography) පැලෝපීය නාල ආශ්‍රිත අවහිරතා හඳුනාගැනේ.

    ff1 ff2
                              අවහිරතාවකින් තොර පැලෝපීය නාල හදුනාගැනීමේ හැකියාව ඇත.

  • ලැපරොස්කොපි පරික්ෂාවක් මගින්ද ගර්භාෂය හා පැලෝපීය නාල ආශ්‍රිත ගැටළු හඳුනාගැනේ.

  • මෙමගින් එන්ඩොමෙට්‍රියෝසිස්ට් තත්ත්වය, ගර්භාෂය ආශ්‍රිත ආසාදන, ෆයිබ්‍රොයිඩ්ස් හා ඩිම්භකෝෂයේ ඇතිවන වතුර ගෙඩි හඳුනාගැනේ.

    ff3
                                            ලැපරොස්කොපි

     

මදසරුභාවය සඳහා ප්‍රතිකාර