අන්තඃගර්භාෂයික සංසේචනය යනු ශුක්‍රාණු සාම්පලයකින් තෝරාගත් සක්‍රීය සඵල ශුක්‍රාණු කැතීටරයක් භාවිතයෙන් කාන්තාවකගේ ගර්භාෂයේ තැම්පත් කිරීමයි. මෙසේ තැම්පත් කළ ශුක්‍රාණු පැලෝපීය නාලය ඔස්සේ පිහිනාගොස් ඩිම්බයක් හා සංසේචනය වී කළලයක් බවට වර්ධනය වී ගර්භාෂයේ අධිරෝපණය වේ.

අයි.යු.අයි. ප්‍රතිකර්මය සුදුසු වන්නේ,

පුරුෂ ශුක්‍රාණු සාන්ද්‍රණය අවම යුවලයන්ට

පුරුෂ ශුක්‍රාණු තරලයේ සඵල සහ සක්‍රීය ශුක්‍රාණු අවම වූ යුවලයන්ට

පුරුෂ බෙලහීනතාවයෙන් පෙළෙන යුවලයන්ට

මදසරුයැයි හඳුනාගැනීමට නොහැකි හේතූන් ඇති යුවලයන්ට

අන්තඃගර්භාෂයික සංසේචන ක්‍රියාවලියේ පියවරයන්
  1. ඩිම්භ උත්තේජනය
    • කාන්තාවකගේ ඔසප් චක්‍රය ආරම්භ වී 12 වැනි දිනයේ සිදුකරන ස්කෑන් පරීක්ෂණයක් මගින් පරිණත ඩිම්භයක් ස්වාභාවික වර්ධනය වී ඇත්දැයි නිරීක්ෂණය කෙරේ
    • එසේ ස්වාභාවිකව ඩිම්භ පරිණත නොවන කාන්තාවක් නම් ඔසප් චක්‍රය ආරම්භ වී දෙවනි දින සිට දින පහක් හෝමෝන පෙති ලබාදේ
    • මෙම හෝමෝන පෙති මගින් ඩිම්භ වර්ධනය වීම උත්තේජනය කෙරේ
  2. ස්කෑන් පරීක්ෂණය

    tracking
    පරිණත ඩිම්භයක් ස්කෑන් පරීක්ෂණයක් හරහා පෙනෙන ආකාරය

    • ඔසප් චක්‍රය ආරම්භ වී 12 වැනි දින ස්කෑන් පරීක්ෂණයක් මගින් පරිණත ඩිම්භ නිරීක්ෂණය කෙරේ
    • පරිණත වූ ඩිම්භයක් සාමාන්‍යයෙන් මිලිමීටර 18 ක් හෝ ඊට වඩා වැඩි වියයුතුයි
    • පරිණත වූ ඩිම්භයක් ඇතිනම්, HCG එන්නත ලබාදී ඩිම්භ මෝචනය උත්තේජනය කෙරේ. (ඩිම්භ මෝචනය යනු පරිණත වූ ඩිම්භයක් ඩිම්භකෝෂ වලින් පිටවීමයි)
    • HCG එන්නත ලබාදී පැය 36 කින්, එනම් ඔසප් වී 14 වැනි දිනයේ නැවත ස්කෑන් පරීක්ෂණයක් ඔස්සේ ඩිම්භ මෝචනය වී ඇත්දැයි නිරීක්ෂණය කෙරේ
  3. ශුක්‍රාණු සාම්පලයක් පිළියෙල කර ගැනීම
    • මෙහිදී සචල, සඵල හා රූපාකාරයෙන් බහුල ශුක්‍රාණු තෝරා වෙන්කර ගැනීම සිදුකෙරේ
    • ශුක්‍රාණු සාම්පලයක් සකසා ගැනීමට පෙර
    • ශුක්‍රාණු සාම්පලයක් සකසා ගැනීමෙන් පසු
  4. ශුක්‍රාණු ගර්භාෂයේ තැම්පත් කිරීම
    • HCG එන්නත ලබාදීමෙන් අනතුරුව, ඩිම්භයක් මෝචනය වී ඇතිනම්, තෝරා පිළියෙල කරගත් සාම්පලය අයි.යු.අයි. කැතීටරයක් භාවිතයෙන් යෝනිමාර්ගය හරහා ගර්භාෂය තුළ තැම්පත් කෙරේ
    • මෙම ප්‍රතිකර්මයේ ඇති වාසිය වනුයේ, තැම්පත් කරන සියළුම ශුක්‍රාණු සක්‍රීය බවින් ඉහලවීමත්, ගර්භාෂය තුළම තැම්පත් කරන බැවින් පැලෝපීය නාලය ඔස්සේ පිහිනාගොස් සංසේචනය වීමට ඇති ප්‍රවණතාවය ඉහල වීමත්ය
    • සංසේචනය වූ ඩිම්භය කළලයක් බවට වර්ධනය වෙමින් ගර්භාෂයේ අධිරෝපණය වේ
  5. ගර්භණීභාවය පරික්ෂා කිරීම

    serum
    දරුගැබක් ස්කෑන් පරීක්ෂණයක් හරහා පෙනෙන ආකාරය

    • Serum ß HCG යන රුධිර පරීක්ෂණය මගින් ගර්භණීභාවය තහවුරු කරගත හැකිය
    • සාමාන්‍යයෙන් මෙම රුධිර පරික්ෂාව සිදුකරනුයේ ශුක්‍රාණු තැම්පත් කළ දිනයේ සිට දින 14 කිනි
    • ඊට දින 14 කට පසු අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගින් තවදුරටත් ගර්භණීභාවය තහවුරු කරගත හැකිය