ඉම්සි තාක්ෂණය යනු ඉක්සි තාක්ෂණයේ වැඩි දියුණු කරන ලද අවස්ථාවකි. මෙහිදී වැඩි තීව්‍රරතාවයක් සහිත වැඩිදියුණු කරන ලද කාචයක් භාවිතයෙන් ශුක්‍රාණුවක හිස, ගෙල, වලිගය යන කොටස් විස්තරාත්මකව නිරීක්ෂණය කර විකෘතිතාවයන්ගෙන් තොර සක්‍රීය ශුක්‍රාණුවක් තෝරාගෙන ඩිම්භයක් තුළට සෘජුවම ඇතුළු කෙරේ. මෙමගින් සංසේචනය වීමේ ප්‍රවණතාවය වැඩිකරගත හැකිවේ.

ඉම්සි තාක්ෂණය සුදුසු වන්නේ,

ශුක්‍ර තරලයක විකෘති වූ ශුක්‍රාණු ප්‍රමාණය ඉතා ඉහල අවස්ථාවක

නිරන්තරයෙන් ගබ්සා වන කාන්තාවන්ට

ඉම්සි තාක්ෂණයේ පියවර
  1. ඩිම්භ උත්තේජනය කිරීම
    • මෙහිදී ඩිම්භ කෝෂයන්හි ඩිම්භ වර්ධනය වීම සඳහා හෝමෝන එන්නත් ලබාදීම සිදුකෙරේ
    • මෙම හෝමෝන එන්නත් දිනපතා ලබාගැනීම අවශ්‍යවන අතර, කොපමණ දින ප්‍රමාණයක් හෝමෝන එන්නත් ලබාදිය යුතුදැයි නිර්ණය කරනුයේ කාන්තාවකගේ ඩිම්භ උත්තේජනයට හේතුවන FSH, LH හා AMH යන හෝමෝන මට්ටම පරික්ෂා කිරීමෙන් අනතුරුවයි
    • යෝනිමාර්ගය ඔස්සේ සිදුකරන ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්භ පරිණතවීම නිරීක්ෂණය කෙරේ
  2. ඩිම්භ මෝචනය
    • HCG එන්නත ලබාදීම මගින් ඩිම්භ මෝචනය උත්තේජනය කෙරේ
  3. ඩිම්භ චූෂණය
    • ඩිම්භ චූෂණය යනු ඩිම්භ කෝෂයන්හි වර්ධනය වූ ඩිම්භ පිටතට ගැනීමේ ක්‍රියාවලියයි
    • HCG එන්නත ලබාදී පැය 35 කින් ඩිම්භ චූෂණ ක්‍රියාවලිය සිදුකෙරේ
    • ඩිම්භ චූෂණය සිදුකරනුයේ විනාඩි පහක කාලයක් නිර්වින්දනය කිරීමෙන් අනතුරුව වන නමුත් මෙය ශල්‍යකර්මයක් නොවේ
    • ඩිම්භ චූෂණ ක්‍රියාවලියෙන් අනතුරුව පරිණත ඩිම්භ තෝරාගැනීම සිදුකෙරේ
  4. ශුක්‍රාණු සාම්පලයක් පිළියෙල කර ගැනීම
    • මෙහිදී සචල, සඵල හා රූපාකාරයෙන් සාමාන්‍ය වූ ශුක්‍රාණු තෝරා වෙන්කර ගැනීම සිදුකෙරේ
  5. ඩිම්භ සංසේචනය හා කළල වර්ධනය
    • රූපාකාරයෙන් විකෘති නොවූ ශුක්‍රාණු තෝරාගෙන ඩිම්භ සංසේචනය කිරීම මෙහිදී සිදු කෙරේ

      tracking

  6. කළල තැම්පත් කිරීම හා ගර්භණීභාවය තහවුරු කිරීම
    • කළල ගර්භාෂය තුල අධිරෝපණය වීම පහසු කිරීම සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය (ප්‍රොජෙස්ටරෝන් ජෙල්) ඩිම්භ චූෂණයෙන් පසු දින සිට දිනපතා ලබාදේ
    • තෝරාගත් කළල දෙකක් ET කැතීටරයක් භාවිතයෙන් ගර්භාෂය තුළ තැම්පත් කෙරේ


      කළල තැම්පත් කිරීම ස්කෑන් පරීක්ෂණය ඔස්සේ පෙනෙන ආකාරය                
    • කළල තැම්පත් කිරීමෙන් දින 14 කට පසුව රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීම මගින් ගර්භණීභාවය තහවුරු කරේ